Friday, July 24, 2015

එංජිමේ කොටස් ගැන සුලු දැනිමක්.

අපි එහෙනම් වැඩේට බහිමු.ඔන්න පටුනේ හැටියට මම මගේ පොස්ටුව දැම්මා පහල තියනවා ඔයාලා පින්තුර විතරක් බලන්න එපා කරන වැඩේ හරියට කරන්න.

මගේ වෙබ් අඩවිය ඉලගට තියන්න හිතන් ඉන්න එක් පියවරක පුංචි ඉගියක් දෙන්නම්.මම දන්නවා ලංකාවේ පළමු වතාවට තමයි යතුරු පැදි අලුත් වැඩියාව ගැන වෙබ්  අඩවියක් නිර්මානය කරන්නේ .තරගකාරිත්වයක් දැනට නැති වුනාට ඉදිරියට පැමිණිමට ඉඩ තියනවා ඒක නිසා මගේ වෙබ් අඩවියේ ඔයාලගේ දැනුමටත් ඔයාලාගේ වාසියටත් මම ලොකු පියවරක් තබනවා කියා මම සතුටෙන් කියනවා.




Bore and Crank Shaft
images.png
ලියවන පට්ටලය මගින් ගත් අත්දැකිම් ඇසුරෙන්  




23.jpg












පිළිගැන්වීම





DAVIDMANN3.jpg






මගේ ජිවිතයට ශක්තියකු වු
ආදරණිය දෙමාපියන්ටත්,
ඒ.එස්.ආර් සල්ගාදු ගුරු පියාණන්ටත්,
හිත මිතුරන්ටත්,
ඉමහත් ආදරයෙන් යුතුව
මෙම ග්‍රන්ථය පිලිගැන්වේ.











පටුන






  1. Reboring a Motorcycle Cylinder

  • පිස්ටනය බලා බොර් කිරිමට අවශ්‍ය ද යන්න තිරනය කරන ආකාරය
  • පිස්ටනය අනුව බෝර් කල හැකි ප්‍රමාන
  • පිස්ටන් වර්ග
  • බොර් කරන ආකාරය
  • බෝර් මැශීන්
  • හොර්න් කරන ආකාරය
  • බෝර් කල පසුව පිස්ටන් වළල්ලේන් එන්ඩ් ගැප් එක මනිනු ආකාරය.



     2.  දගර කද අලුත් වැඩියාව
  • කාර්මිකයකු විසින් අප දගර කද හොද ද යන්න පරික්ෂා කරන ආකාරය
  • දගර කදේ ඇද යැවිම
  • දගර කදේ ඇතිවිය හැකි දෝශ
  • දගර කදේ පින් අලුත් වැඩියා කරන ආකාරය


motorcycle__concept_art_by_rcaradio7-d41fnza.png
















Reboring a Motorcycle Cylinder



motorcycle-parts--motorcycle-cylinder-head-188.jpg










බෝරය

යතූරු පැදියේ එංඡීමක ඇති බෝරය පිස්ටනය රේකියව චලනය වීම මගින් කාලයත් සමග ක්ෂය චීමෙන් එංජිම ක්රියාචරිත්වය ඇන හිටී.වෙනත් දේ මගින් ද මෙම බොරය අක්‍රිය විය හැකිය.

මේසේ සිදුවීමිදී එංජිමට ඝිදුවන දේ

  • එංඡම මිස් කරීම
  • compression අඞුවීම
  • අයිඞ්ලින් නොසීටීම
  • undercompression ගැසීම
  • බොරය කැපිම

පිස්ටනය බලා බොර් කිරිමට අවශ්‍ය ද යන්න තිරනය කරන ආකාරය

කාර්මිකයකු වශයෙන් අප යතුරු පැදියේ එංජින්ග්  අලුත් වැඩියාවකදි ගෙවි ඇති සියලු ම තැන් නඩත්තු කල යුතුය.එම ආකාරයටම  පිස්ටනයත් පරික්ෂා කල යුතුය.පිස්ටනයේ ඇති ට්‍රස්ට් සයිඩ් මැදි හො ඉරිතලා ගිහින් නම්  බොරයද පියවි ඇසට පෙනෙන නොපෙනෙන ආකාරයට මැදිමට ඉඩ ඇත පහත දැක්වෙන්නේ එම ආකාරයට මැදුන පිස්ටනයක්  සහ බොරයකි.
post-330188-13946539542422.jpg 100678Picture00_00000053188.jpg
පිස්ටනය අනුව බෝර් කල හැකි ප්‍රමාන

අපට පිස්ටනයක් බැලු සැනින්  බෝර් කල  යුතු ප්‍රමාන ය දැන ගත නොහැකිය.කාර්මිකයකු වශයෙන් අප බොරය ද බැලිය යුතුය.එසේ බැලිමට හේතුව වන්නේ පිස්ටනයට වඩා බොරය කැපි තිබිමට ඉඩ තිබෙන නිසාය.

ඉහත අප සිදු කලේ පියවි අසින් පරික්ෂා කිරිමයි.පියවි ඇසින් බැලුවිට දොශයක් නොදැක් කුවත් උපකරණයක් මගින් මැනිමේදි අපට දොෂයක් මතුවිය හැකිය.එසේ මැනිමට ගන්නා උපකරණ

  • ඩයල් ගේජ්$(KGrHqN,!o8FC1ufpqsWBQ4MGYjIkQ~~60_35.JPG

  • ඇතුලත හා පිටත  මයිකෝ‍රමිටරය
od164211.gif









පිස්ටන් වර්ග

  • std පිස්ටනය

මෙම පිස්ටන් වර්ගය යතුරු පැදිය නිශ්පාදකයා විසින් අතුලත් කල පිස්ටනයකි.මෙම පිස්ටනය බලා පට්ටල් හිමි කරු හො කාර්මිකයා තිරනය කල යුතුයි මිලගට බොර් කල යුතු කුමන ප්‍රමාණයටද යන්න.

  • 0.25mmපිස්ටනය




  • 0.50mm පිස්ටනය


  • 0.75mm පිස්ටනය


  • 1.00mm පිස්ටනය


1.00mm පිස්ටනය න් පසුව නැවත බොර් කල නොහැක.බෝර් කිරීමට අප දුන් විට ඔහු මෙය පරික්ෂා කරනු ලබයි.නමුත් පට්ටලය විසින් බොරයට නව සිලන්ඩරයක් ඇතුලත් කිරිම සිදු කර දෙයි.නමුත් මෙම සියයට සියයක් සාර්තකද කිව නොහැක.පාරිබොකිකයෙක් විශයෙන් ගත් විට නව සිලින්ඩරයක මිල සහ අලුත්වැඩියාවට මිල සන්සන් දනය කරමින් නිගමනයට පැමිනියි යුතුය.මෙම කාර්ය සිදු කරන්නේ බොරය මිලිමිටර් 1.00 බොරය කැපුවායින් පසුවය.පහත දැක්වෙන්නේ නව සිලින්ඩරයක් ඇතුලත් කරන අන්දමයි.

මුලින්ම නව සිලින්ඩරය බොරය තුලට ඇතුල් කිරිමට පෙර මිනුම් ලබා ගනි.ඉන්පසු විශේෂ ආලේපයත් සමග භුමිතෙල් මුසු කර තල්ලු ද්‍රව පිඩනයෙන්  නව සිලින්ඩරය ඇතුල් කරනු ලබයි.පහත දැක්වන්නේ එම සිදුවිමේදි ගත් චයාරුපයි.


bore883small.jpg    Boring-Cyl.1.jpg


බොර් කරන ආකාරය

බෝර් මැශීන්

මෙම මැශින් කාර්යය වන්නේ අප ලබා දෙන බෝර්ය අදාල මිනුමට කැපීමයි.එම කැපිමෙදි කාර්මිකයාට මෙම කර්ය ගැන හොද අත් දැකීමක් සහ පළ පුරුද්දක් තිබිය යුතුය.මෙම කාර්ය කිරිමට  විශේෂ තල යොද ගනි එම තල මිනුමට තබා එම තල භ්‍රමනයට ලක් කරයි එවිට බොරය නියමු මිනුමට කැපෙයි පහත දැක්වෙන්නේ එම තලයන්ය.

cylinder_chamfering_600.jpg F105_Apr2013_Closeup2_3.jpg

මෙම ආකාරයට බොර් කල පසුව බොරය පහිටිම පහත රුපයේ පහත දැක්වේ.
Hone_cyl_crosshatch.JPG


පට්ටලය විසින් බෝරයක් බෝර් කල පසු එයට සරිලන පිස්ටයත් අප ඔහුගෙන්ම ලබා ගැනිම සුදුසුය.

හොර්න් කරන ආකාරය
පට්ටලය විසින් බොර් කලට පසුව හොර්න් කිරිම සිදුකරනු ලබයි.මෙම  කාර්ය කිරිමට හේතුව වන්නේ බෝරය බෝර් කලට පසුව එහි ඉරි පාරවල් පිහිටා තිබෙන නිසාය.මෙම හේතුවෙන් එහි ඔයිල් රැදිම ට පුලුවන එබවින් බොර් කල පසුව හොර්න් කිරිම සිදුකරවයි.

නියමිත මිනුමට බොර් කල පසුව හොර්න් කිරිමට වෙනත් මැශිමකට ලබා දෙනු ඇත.එහි අති වැලි කොල මගින් භුමිතෙල් මගින් මුසුවි බොරය හොර්න් වෙයි.

බෝර් කල පසුව පිස්ටන් වළල්ලේන් එන්ඩ් ගැප් එක මනිනු ආකාරය.

බොර් සහ හොරන් කල පසුව  කාර්මිකයක් වශයෙන් අප මිනුමට කැපු බොරය පිස්ටන් වළල්ලෙන් මැනිය යුතුය එයට අවශ්‍ය දේ

  • පතුරු අමානය -අදල මිම්ට අනුව

නිවරදිව කාර්ය සිදුවි ඇත්ද බැලිමට සම්මත අගයන් ඇත.පහත දැක්වෙන්නෙ එම මිනුම්ය.


සම්මත මිනුම
නඩත්තු මිනුම
පළමු සම්පිඩන වළල්ල
0.15-0.30mm
0.55mm
දෙවන සම්පිඩන වළල්ල
0.20-0.45mm
0.70mm
තෙල් වළල්ල
0.20-0.70mm
-

ඉහත මිනුම් ආකාරයට පතුරු ආමානයෙන් මනිනු ලබන අන්දම පහත රැපයේ දැක්වේ.
post-18676-0-42934800-1330770918.jpg
මෙම අගයන් ට තිබෙනම් හොදයි.එසේ නැතිනම් අප වළල්ල පිරෙන් ගා නිවරදි මිනුමට ගත යුතුය.










දගර කද අලුත් වැඩියාව





gy6crankshaft.jpg



කාර්මිකයකු විසින් අප දගර කද හොද ද යන්න පරික්ෂා කරන ආකාරය


දගර කදක්  එංජිමෙන් ගැලවීමට ප්‍රථමයේ සිටම අප විසින් දගර කද පරික්ශා කල යුතුය.

  1. දගර කද කේසින් එකේ තිබයදි පරික්ෂා කරන ආකාරය-දගර කද කේසින් එකේ තිබයදි මුලින්ම අප බැලිය යුතුයි ඇදවි ඇද්ද,පලුදු වි ඇත්දැයි අප විසින් පරික්ෂා කල යුතුය.ඉන්පසුව දගර කද ක්ලචය හසු වන පැත්තට අප විසින් අත තබා දෙපසට සෙලවිමේ ලොකුවට පැති වාසියක් තිබේනම් දගර කද බෙයාරින්ග් හෝ කැර්න්ක් කේසින්ග කට පලුදුවි ඇත.

  1. ඉන්පසුව දගර කද පිටතට රැගෙන

  • කි කට්ට පලුදුද යන්න් බැලිම
DSCF0207.jpg

මෙම ආකරයට පලුදු වි ඇත්නම් මෙම ස්ථානය පට්ටලයෙන් ලියවිය යුතුය.

  • ඇන පොටවල්  සහ දගර කදේ පොටවල් බැලිය යුතුය.
  • පිස්ටන් අත ඇදවීම් පරික්ෂා කල යුතුය
BentHotRods.jpg
මෙම ආකාරයට පිස්ටන් අත ඇද වී ඇති විට අලුතින් පිස්ටන් අත ගැසිය යුතුය.පියවි ඇසින් බැලුවිට නොපෙනෙන තරමටද ඇදවීම් තිබේ.එය ඩයල් ගේජ් එකෙන් ඇදවීම් පරික්ෂා කල යුතුය.එසේ පරික්ෂා කරනු ලබන්නේ ඩයල් ගේජ් බිග් එන්ඩ් පැත්තෙන් තබා මැනිය යුතුය.‍

මෙම ආකාරයට දගර කදේ අනෙක් තැන් ද පරික්ෂා කළ යුතුය.මුලින්ම පියවි ඇසින් බලා ඉන්පසුව සම්මත අගයන් ඔස්සේ  පරික්ෂා කළ යුතුය.පහත දැක්වෙන්නේ එම අගයන්ය.

22-l-engine-5-638.jpg
මෙම ආකාරයට දගර කදේ සියලු කොටස් පරික්ෂා කල යුතුය.පට්ටලය සහ කාරමිකයන් විසින් නඩත්තුවට පෙර මෙම සියලු දත්ත පරික්ෂාකරනු ලබයි.





දගර කදේ ඇද යැවිම

download.jpg


ඉහත දැක්වෙන්නේ  යතුරුපැදි දගර කදකි. මෙම දගර කද වල් විවිධ හේතුන් මත ඇද වීම් හෝ ක්ෂය වීමට ලක් වේ.දගර කද දොෂ වීමට බලපාන විවිධ හේතුන් පහත දැක්වේ.

දගර කදේ ඇතිවිය හැකි දෝශ

  • දගර කද ඇදවීම .
  • බෙයරින් අක්‍රිය විම.
  • කි කට්ට පලුදු වීම.
  • පොටවල් පලුදු වීම.
  • ඔයිල් ගමන් කරන මාර්ග අවහිර වීම

ඊහත දොශ සිදුවීමට හේතුන්

  • නිශ්පාදකයාදේ දොශ
  • පෙර නඩත්තුවකදි ඇති උ දෝශ
  • නිසි කලට එංජින්ග් ඔයිල් මාරු නොකිරිම

පට්ටලය විසින්  දගර කදේ ඇද යවන ආකාරය

මෙය සදහා බාවිතයට ගන්නා උපකරන

  • වි බ්ලොග්
  • ඩයල් ගේජ්
  • පිත්තල මිටයක්

ඉහත උපකරන ආධාරයෙන් දගර කදේ ඇද යැවිම ට උපකාරි වේ.

hqdefault.jpg

ඉහත රුපයට අනුව පට්ටලය දගර කද රදවා ගෙන ඩයල් ගේජ් දගර කදට සම්බන්ද කර  මුලින්ම දගර කද කරකවා අැදවි තිබෙන ස්ථානය සොයා පිත්තල මිටයෙන් පහරවල් ගසා අදාල නිශ්පාදකයගේ අත් පොතට අනු ව මිම්ම ගනු ලබයි‍.


දගර කදේ පින් අලුත් වැඩියා කරන ආකාරය

දගර කදේ පිස්ටන් පින් ,පිස්ටන් අත සහ පිස්ටන් අතේ බෙයාරින් කාලයත් සමග ක්ෂය වීමත් සමග දගර කද පින් එකත් පිස්ටන් පින් අතර පරතරය වැඩි වනු ලබයි.

අලුත් වැඩියවට අවශ්‍ය දේ

  • දගර කදේ ප්‍රමාණයට සරිලන බ්ලොග්
  • තල්ලු ද්‍රව පිඩන ය
  • ක්‍රැන්ක් පින් සරිලන සිල්‍වු
  • අලුත් පිස්ටන් පින් එකක්‍.


මෙම දගර කද අලුත් වැඩියාව සදහා විෂේශයෙන් තල්ලු ද්‍රව පිඩන ය ක් යොද ගනි පහත දැක් වෙන්නේ එම උපකරණයයි.

Dake_hydraulic_press.jpg

මෙම යන්ත්‍රය ආධාරයෙන් මෙම කාර්ය කරනු ලබයි.මෙම දගර කදේ පින් එක සවි වන්නේ ඉතා ශක්තිමත් ලෙසය.පහ ත දැක්වෙන රූපය අකාරයට එම කාර්ය කරනු ලබයි.

Picture004.jpg
එම ආකාරයට පින් එක පන්නා අලුත් වැඩියා ව නිමා කර නව දගර කද පින් එකක් යොදව නැවත ද්‍රව පිඩනයේන් සවි කරනු ලබයි.එසේ අලුත් වැඩියා කරද නැවත පරික්ෂා කළ යුතුයි නිමා කරපු කාර්ය සාර්ථකද යන්න.































































මගේ යතුරුපැදි වෙබ් අඩවියේ ආරම්බය


තුරු පැදිය අලුත්වැඩියාව අප අන්තර්ජාලයෙන් දැන හදුනා ගන්න නිසා.එක් පිළිවලකට අපට මෙය කිරිමට සිදුවේ මුලින්ම කවුරුත් කැමති ඇතිනේ පොඩ්ඩක් ලොකුවට කරන්න.මගේ පලමු පොස්ටුව පහත මම දාල තියනාව.ඒක පොස්ටුවක්ම නෙමේ මේක ඇවිල්ලා පටුනක් අවුලක් නැ අපි කරගෙන යමු.ඔයාලා හිතයි ඇයි මේ පටුනක් කියලා---------------ඔන්න එහෙනම් දැන ගන්නකෝ මම මේ වෙබ් අඩවිය වැඩිවශයෙන් ඉලක්ක කරනනේ ඔයාලා වගේ අයට තේරුනාද?
මොකද මේ වෙබ් අඩවිය වැඩිපුර බලන්නේ මේ ගැන ගොඩාක් ආස මේ ගැන ඉගෙන ගන්න ආස අය නිසා මම මේක ට පටුනක් ඇතුලත් කලා කරුණාවෙන් දන්වනවා මේක පොතක් හැටියට නෙමේ යන්නේ නමුත් එක් පිළිවකට තමා මේක වැඩ කරන්නේ……… තව කතා අනවශ්‍ය නිසා අපි වැඩේට බහිමු……….

යතුරු පැදි අලුත් වැඩියාව





පටුන……

  1. එංජිමේ කොටස් ගැන සුලු දැනිමක්.
  2. ආයුධ ගැන දැනගැනීම
  3. ආයුධ පරිහරණය සහ ඒවාට ද ආදරය දක්වන විදිය
  4. යම් කෙනකුගේ යතුරුපැදියක් අලුත්වැඩියාවකදි වගකීමක් දරන විදිය
  5. වැඩපොළක් තමන්ට සහ අනෙකා අතර පවත්වාගන යන සිතියම
  6. යතුරු පැදියේ තවත් අබ්‍යන්තර කොටස් දැන හැදින ගැනීම
  7. යතුරු පැදියේ ඉදිරිපස රෝදය ගලවන ආකාරය.
  8. යතුරු පැදියේ රෝදයේ  රේසරය ගහන විදිය
  9. ඉදිරිපස රෝදයේ බේරේක් ලයනල් ගහන විදිය.
  10. ඉදිරිපස රෝදයේ බේරේක් එජෙස් කරන විදිය.
  11. මීටර් කේබලය ග්‍රීස් කරන විදිය.
  12. ඉදිරිපස රෝදය දැකිමෙන් එම රෝදයට අවශ්‍ය හුලන් ප්‍රමාණය දැන් ගන්නා ක්‍රමයන්.
  13. පොක් ඔයිල් කරන විදිය.
  14. හැඩල් එක එජේස් කරන ආකාරය.
  15. කේබල් ඔයිල් කරන විදිය.
  16. යම් කවුල් එකක් ගලවන ආකාරය.
  17. බැටරි වතුර දාන ආකාරය.
  18. එයාර් ක්ලිනර් ය සුද්ධ කරන විධිය.
  19. සයිලාන්සරයක් ගලවන ආකාරය.
  20. පුට්ට්‍රස් එක,කික් පැඩල්,ගියර් පැඩල්,කෑෂ් බාර් එක  ගලවන ආකාරය.
  21. පසුපස රෝදය ගලවන ආකාරය.
  22. චේන් එක එජෙස් කරන ආකාරය.
  23. පසු පස බේරෙක් එජෙස් කරන ආකාරය.
  24. චේන් ස්පොකට් දාන විදිය.
  25. යතුරු පැදියක් ෆුල් සර්විස් කරන ආකාරය.